බැටිකලෝ කැම්පස් බැංකු ගිණුම් හිස්බුල්ලාගේ හිතුමතේ පවත්වාගෙන ගිය බවට හෙළි වෙයි

0
15

බැටිකලෝ කැම්පස් ආයතනය සහ හිරා පදනමේ හිමිකරුවන් ලෙස පෙනි සිටි හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා තම අභිමතය පරිදි ගිණුම් ආරම්භ කිරීමට ලංකා බැංකුවට බලපෑම් කර ඇති බව අනාවරණය වී තිබේ.

පොදු ව්‍යාපාර කාරක සභාව ඊයේ(17) රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වුණි.

එම කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා වෙත දැනුම්දී තිබුණ ද ඔවුන් ඊයේ දිනයේ එහි පෙනී නොසිටි බව සඳහන්ය.

කෙසේවෙතත් බැටිකලෝ කැම්පස් ආයතනය සහ හීරා පදනමේ බැංකු ගිණුම් පිළීබද ප්‍රකාශ ලබාදීම සදහා ලංකා බැංකු නිළධාරින් මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරින් එම කාරක සභාව හමුවේ පෙනී සිටියේය.

කාරක සභා සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා අදාළ ආයතන විවිධ නම් වලින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පිළිබඳ ප්‍රශ්න කර සිටි අතර ඊට ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි කේ.බී.එස් බණ්ඩාර මහතා සහ එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනි දයාජනී පීරිස් පිළිතුරු ලබා දුන්නේය.

එහිදී කෝප් කමිටු සාමාජික සුජිව සේනසිංහ කැබිනට් නොවන අමාත්‍යවරයා ද ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.