උගත්කම හොරා ගන්න පුළුවන් නම් නිදහස් අධ්‍යාපනයේ පියාගේ නමත් සොරකම් කරනවා – වජිර

0
9

උගත්කම සොරකම් කරන්න පුළුවන් වුණා නම්, අපේ රටේ දේශපාලන. ඉතිහාසයේ බලවතුන් නිදහස් අධ්‍යාපනයේ පියා යන වචනයත් සොරකම් කරන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ “ළඟම පාසල හොඳම පාසල” ජාතික වැඩසටහන යටතේ ගාල්ලල මහින්ද විද්‍යාලයේ රුපියල් මිලියන 310ක වියදමකින් ඉදි කළ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අවස්ථාවට ඊයේ (09) එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

සී.ඩබ්ලිව් . ඩබ්ලිව් කන්නංගර මහතා නිදහස් අධ්‍යපනය පිළිබඳව දැක්වූ අදහස් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සටහන් වෙනවා. නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලිව් . ඩබ්ලිව් කන්නංගර මහතාගේ පිළිරුව තමයි ගෝල් ෆේස් පිට්ටනියේ හදන්න ඕන කියලා මම එදා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියදී කිව්වා. තරහට නෙමෙයි කිව්වේ. මේ රටේ දේශපාලන බලවතුන් සොරාගත හැකි සියල්ල සොරා ගෙන ඇත. සොරා ගන්න බැරි අධ්‍යාපනයයි. කන්නංගර මහතා ජාතියට දායාද කළ නිදහස් අධ්‍යාපනය වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහි මහා පෙරළියක් ඇති කරනවා. උගත්කමට, දක්ෂකමට සමානතාවය හදල දෙනවා. එතුමා තරග විභාග ක්‍රමය ඇති කරනවා. විද්‍යා පීඨ ඇති කරනවා. දක්ෂ විදුහල්පතිවරු ඇති කරන ක්‍රමවේදය ඇති කරනවා” යැයි පැවසීය.