13 ඇති තෙක් විධායක ජනාධිපතිධූරය අහෝසි නොකළ යුතුයි-මැදගොඩ අභයතිස්ස හිමි

0
7

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති තෙක් විධායක ජනාධිපති ධුරය. අහෝසි නොකළ යුතු බව පැපිලියාන සුනේත්‍රා දේවී මහා පිරිවෙනේ පරිවේනාධිපති මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත් රට බෙදීයාම ඒකාන්තයෙන් සිදුවන බවයි.

පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඊයේ(09) පස්වරුවේ පැවති ආශිර්වාද බෝධි පුජා පිංකමකට එක්වෙමින් පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මේ බව සඳහන් කළේය.