සජිත් දෙමළ ජාතික සන්ධාන නායකයින් හමුවෙයි

0
9

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා හා දෙමළ ජාතික සන්ධාන. නායකයින් ඊයේ (09) යාපනය ප්‍රදේශයේදී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇත.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධාන නායකයින් හා සජිත් ප්‍රේමදාස මහතා සාකච්ජාවක් එහිදි යාපනය පෞද්ගලික හෝටලයකදී පවත්වා ඇත.

අදාළ සාකච්ජාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගෙන් කළ විමසී‍මකදී හෙතෙම ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය හා මැතිවරණය සම්බන්ධයෙන් සාමාන්‍ය සාකච්ජාවක් එහිදි සිදු කළ බවයි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් මහතා,ටි.සිද්ධාර්ධන් මහතා,ඊ.සරවනබවන් මහතා, යාපනය නගරාධිපති එමානුවෙල් ආර්නෝල්ඩ් මහතා ඇතුළු පිරිසක් සාකච්ජාව වෙනුවෙන් එක්ව ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් සජිත් ප්‍රේමදාසමහතා යාපනය ප්‍රදේශයේ සංචාරයක ඊයේ නිරත විය.