පෙබරවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයකන් 107 639ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එය පසුගිය වසරේ පෙබරවාරි මස හා සැසදීමේදී සියයට 11.5ක වර්ධනයක් බවද එම අධිකාරිය පවසයි.මේ අනුව මේ වසරේ ගතවූ මාස දෙක තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබීම කැපී පෙනෙයි.
2023 වසරේ පෙබරවාරි මස 28 වැනි දින වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 210 184ක් බවද එම අධිකාරිය පවසයි.