සිමා නිර්නයේ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් ඇතැයි සිමා නිර්නය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය පවසනවා. ඔහු කියා සිටියේ ඒ පිළිබද අවසන් වාර්තාව මාර්තු මස විසිපස්වන දින හෝ එයට ආසන්න දිනයකදි ලබාදිමට බලාපොරොත්තු වන බවයි.
පළාත් පාලන මැතිවරණය කල් යාමට හේතු වූයේ මැතිවරණ කොමිසමින් බැහැර වු කරුණු මත උදා වූ තත්වයන් බවද සිමා නිර්නය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය වැඩිදුරටත් පැවසුවා.
සීමා නිර්ණ වාර්තාව කැඳවීම, පළාත් පාලන මැතිවරණයට බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළා.