ගෝලීය ආර්ථිකය හා දේශපාලනයේදී ඉන්දියාව ද එක් නායකයෙකු බව ෆිජී රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
ෆීජි රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලෝක හින්දි සම්මේලනයේ සමාප්ති උත්සවය අමතමිනි.
එමෙන්ම ඉන්දියාව යනු සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල නායකයෙකු බවද ඔහු පෙන්වාදී ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් ඉන්දියාව නිවැරදි දිශාවට ගමන් කරමින් ඇති බව ඔහු සඳහන් කර තිබේ.
සම්මේලනය ආරම්භ කරමින් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයිශංකර් සහභාගී වූ අතර සම්මේලනය අදින් අවසන් වෙයි.