සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්රී ලංකාවට ලබාදීමට ඊශ්රායලය තීරණය කර තිබෙනවා. ඊශ්රායලයේ පවතින සංස්කෘතිය අනුව රෝගී සත්කාර සදහා වැඩි අවස්ථාවක් පවතින්නේ කාන්තාවන්ට නිසා සාත්තු සේවිකාවන්ට ප්රමුඛතාවය ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
ඉංග්රීසි භාෂා ප්රවීණතාවය සහිත, වෘත්තීමය වශයෙන් පුහුණුව ලබා ඇති ශ්රී ලාංකික ශ්රමිකයින්ට සෑම විටම රැකියා සදහා අවස්ථාව ලබා දෙන බව ඊශ්රායලය පවසා තිබෙනවා.
එරට නියෝජිතයන් දැනුම් දී ඇත්තේ වසරකට අටදහසක් දක්වා වන ශ්රමිකයින්ට අවස්ථාව ලබාදීමට සූදානම් බවයි.