තරුණයින් පිරිසක් හෙල්මට්වලින් සිදුකළ පහරදීමකින් එක්දරු පියෙකු ඝාතනයට ලක්වී තිබේ.
වැලිපැන්න පොලීසිය සඳහන් කළේ වැලිපැන්න ප්රදේශයේ මාර්ගයක ගමන් කිරීමේදී ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් ඊයේ (14) රාත්රියේ මෙම ඝාතනය සිදුව තිබූ බවය.
ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.
සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ වැලිපැන්න ගල්මත්ත ප්රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් නමැති 34 හැවිරිදි එක්දරු පියෙකි.
සෙසු සැකකරුවන් ප්රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.