ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ණය සහනය ලබාගැනීම සඳහා එම අරමුදල සමග කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට පාකිස්තාන රජය තවමත් අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඒ, හමුවේ පාකිස්තානය නුදුරේදීම දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පානු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ පාකිස්තානය මේ වනවිට මුහුණ පා සිටින දරුණු මූල්‍ය අර්බුදය එරට පාලන තත්ත්රය දශක ගණනාවක සිට අනුගමනය කළ දුර්වල ආර්ථික හා මූල්‍ය ප්රතිපත්තිවල ප්‍රතිඵලයක් බවය.
ආර්ථිකය කඩාවැටීම වළක්වා ගැනීම සඳහා පාකිස්තාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන සමස්ථ ණය සහන පැකේජය අමෙරිකානු ඩොලර් බිලියන 7 ක් බව පැවසෙයි.