අනවසරයෙන් මැණික් ගරමින් සිටි හත් ‌දෙනෙකු අත්අඩංගුවට

0
69

බගවන්තලාව, ටින්සීන් තේ වතුයායේ අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙක් අද (12) අලුයම බගවන්තලාව පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .

අඩි පහළොවක් පමණ ගැඹුරට මොවුන් විසින් පතල් කපා ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් සමග මැණික් ගැරීමට උපයෝගී කර ගන්නා උපකරණ තොගයක්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් පිරිස ටින්සින් හා බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.

සැකකරුවන් අද (12) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව බගවන්තලාව පොලීසිය උසස් නිලධාරියෙක් පැවැසීය .