ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙලෙස දුම්රිය වර්ජනය අවලංගු කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.