හෙරොයින් සමඟ පකිස්ථානුවෙක් කොල්ලුපිටියේදී අත්අඩංගුවට

0
70

හෙරොයින් කිළෝ ග්‍රෑම් 2කට අධික තොගයක් සමග පාකිස්ථාන ජාතිකයෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම පාකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහු සතුව තිබී හෙරොයින් කිළෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 85 සොයාගෙන ඇති බව සඳහන්ය.

අදාළ පුද්ගලයා පසුගිය 07 වැනිදා මෙරටට පැමිණ ඇති අතර ඔහු නැවත දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට සුදානමින් පසුව ඇති බවට සිදුකළ මුලික විමර්ශන වලදි අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් 48 හැවිරිදි පාකිස්ථාන ජාතිකයා අද(11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.