අමෙරිකානු ගුවන් සීමාවේදී සිය බැලුනයක් පුපුරවා විනාශ කිරීම හෙළා දකින බව චීනය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ අමාත්යංශය පෙන්වා දෙන්නේ අදාළ ප්රහාරය සම්බන්ධයෙන් දැඩි අතෘප්තිය සහ විරෝධය පළ කරන බවය.
අමෙරිකානු ගුවන් සීමාවේ ඔත්තු බැලූ බව පවසන චීනයට අයත් යෝධ බැලුනයක් අමෙරිකානු ආරක්ශක අංශ විසින් පුපුරුවා හැරීමට පියවර ගනු ලැබීය.
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්රහාරක ජෙට් යානා යොදාගනිමින් සිදුකළ ප්රහාරයකින් අනතුරුව එම බැලුනය මුහුදට කඩා වැටී ඇති බවය.
අදාළ බැලුනය ඔත්තු බැලීමේ යානයක් නොවන අතර එය කාලගුණ තොරතුරු ලබාගැනීම සඳහා යොමු කර තිබූ බවත් කාර්මික දෝෂයක් හේතුවෙන් අමෙරිකානු ගුවන් සීමාවට බැලුනය ගසා ගෙන ගොස් ඇති බවත් චීනය ප්රකාශ කර තිබේ.