තාක්ෂණය සහ නවෝත්පාදන වෙනුවෙන් ඉන්දු – අමෙරිකා සබඳතා තවදුරටත් ශක්තිමත් වෙනු ඇති බව අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා පවසා තිබේ.
ඉන්දියාව සහ අමෙරිකාව එකිනෙකා දෙස බලන්නේ විශ්වාසවන්ත හවුල්කරුවන් ලෙස බවද ඔහු පවසා ඇත.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලන කාලය තුළ ඉන්දු – අමෙරිකානු සබඳතා මෙලෙස වඩාත් ශක්තිමත්වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ඒ, හමුවේ දෙරටේ අන්තර් සබඳතා මෙන්ම සාකච්ඡා ක්ෂේත්රය ද පුළුල් වී ඇති බව අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වසින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.