බදුල්ලෙන් ඇල්ලු හෙරොයින්

0
50

බදුල්ල බෝගහමඩිත්ත ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල දිසා විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකරන ලද වැටලීමකදී අදාළ හෙරොයින් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 885ක් පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු 29 හැවිරිදි හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.