තලංගම පොලීසියට ලද පැමිණිලි 03 ක් මත විමර්ශන ආරම්භ කර තිබෙන අතර ඊයේ (31) තලංගම පොලිස් ස්ථානය මඟින් විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සකස් කර දෙන බවට පවසා ජාතික හැඳුනුම්පත් හා ලිපිද්‍රව්‍ය ලබාගෙන මුදල් වංචාව සිදුකර ඇත.
සැකකරු සන්තකයේ තිබී පැමිණිකරුවන් දෙදෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් ද සොයා ගෙන තිබෙනවා
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 65 යන වයස්වල මාලඹේ සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .