පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය ආධාර වැඩසටහන යටතේ සූර්ය විදුලි පද්ධති ලබාදෙන ස්ථාන පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබේ.
ඒ අනුවජාතික පාසල් 374, රාජ්‍ය විශ්වවිද්‍යාල 25, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20, ගුරු අභ්‍යාස විද්‍යාල 8, කාර්මික විද්‍යාල 20 (VTA/NAITA), දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, ප්‍රා දේශීය ලේකම් කාර්යාල 331, ITDLH අධ්‍යාපන මධ්‍යස්ථාන 79ක්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ගොඩනැගිලි 220ක්, පිරිවෙන් 824ක්, ආගමික ආයතන 9176ක් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී 5kv සූර්බ බල පද්ධති ලබාදීමට නියමිතය.
මේ අනුව ප්රතිලාභ ලබන ව්‍යාපෘති සංඛ්‍යාව 11,219කි. දක්වා වූ අනෙකුත් ප්‍රධාන රජයේ ගොඩනැගිලි සඳහා වහල මුදුනේ සූර්ය පැනල වලින් සමන්විත වේ. මෙහින් ව්‍යාපාති 827 ක් දැනටමත් සමීක්ෂණය කර ඇතැයිද අමාත්‍යවරයා පවසයි.
පළාත් පාසල් සහ රෝහල් වෙනුවෙන් වහල මත සවිකරණ සූර්ය බල පද්ධති වෙනුවෙන් වූ වෙනමම වැඩසටහනක් පළාත් සභා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.