පුල්මුඩේ පොලිස්වසමට අයත් පාලම්කුලම් වෙල්යායේදි කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් නිසා දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර ඇත.
දෙපාර්ශවයක් අතර ඊයේ (29) පස්වරුවේ ඇති වුමෙම ආරවුල ඇතිවී ඇත. මෙම ගැටුමෙන් තුවාල ලැබු තවත් තිදෙනෙකු පුල්මුඩේ රෝහලට ඇතුලත් කර ඇත. ඉක් එක් අයෙකුගේ තත්වය බරපතල බැවින් පසුව ත්රිකුණාමලය රෝහලට මාරුකර ඇති බව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය වි ඇත්තේ පුල්මුඩේ කොට්ඨාස අංක 01හි පදිංචිකරුවන් වන අබ්දුල් පරිඩ් අලවුදීන් (37) හා සින්න මරික්කාර් බදූර් (40) නැමැති අයයි.
මියගිය දෙදෙනා ගැටුම් ඇතිකර ගත් පාර්ශව දෙකේ දෙදෙනෙකු වේ.මෙම කුඹුරු ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් අබ්දුල් පරිඩ් නැමැත්තාගේ පවුලේ සහෝදරයන් හා සින්නමරික්කාර නැමැත්තාගේ පවුලේ සහෝදරයන් අතර මෙම ගැටුම හටගෙන තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ඝාතනය වු අබ්දුල් පරිඩ් අලවුදීන් නැමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන අබ්දුල් පරිඩ් මුස්තාපා (45) සහ බාල සහෝදරයා වන අබ්දුල් පරිඩ් ලාපිර් (35) මෙන්ම ඇනෙක් පාර්ශවය වන ඝාතනය වු සින්නමරික්කාරක් බදුර් නැමැත්තාගේ නැමැත්තාගේ බාල සහෝදරයා වන සින්න මරික්කාර් හසන් (35) නැමැති අයයි.
මේ සම්බන්ධයෙන් පුල්මුඩේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.