විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට තම විෂය ක්ෂේත්රය පිළිබදව අවබෝධයක් නොමැති බවත්, තමන්ට එන ඕනෑම අභියෝගයක් භාර ගන්නා බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
“ස්වාධින කොමිෂන් සභා තියෙන්නේ දේශපාලඥයින්ගේ තීන්දු ක්‍රියාත්මක කරන්න නෙමෙයි ස්වාධිනව වැඩ කිරිමට. කොමිෂන් සභාවල දෙන තීන්දු නිලධාරීන විසින් ක්‍රියාත්මක නොකිරිම ස්වාධීනත්වයට නිගරු කිරිමක්.
මේ පිළිබඳව අපි නීතිමය ක්‍රියාමර්ග ගන්නවා. අපිට තියෙන අධි ජල ප්‍රමාණය භාවිත කරලා පුළුවන් විදුලිය උත්පාදනය කරන්න. ජල විදුලිය භාවිත කරලා ඉදිරි දින 19 තුළ විදුලිය නිපදවන්න පුළුවන්.
මම එක දේශපාලන පක්ෂවලට සම්බන්ධ නෑ. මම අලියගේ එල්ලිලා නෑ. මට කොමිෂමේ සාමාජිකයන්ගේ සහාය ලැබේවි. මට එන්න තියෙන ලියුම එන්න දෙන්න. ඇමතිවරයාට ඒක වැඩක් නෑ.නීතිපතිවරයා මට එවන ලිපියට ඇමතිතුමාට තියෙන කැක්කුම මොකක්ද?
පැත්තකට වෙලා ඉන්නකෝ තමන්ගේ වැඩක් බලාගෙන.ඒ ලියුම ආපුවාම මම බලා ගන්නම්. මට කොමිෂන් සභාව දුන්නාම මම කොන්දේසියක් දැම්මා කොමිෂමට අත තියන්න බෑ කියලා.
එතුමා විදුලි බලය ගැන දන්නේ නෑ. මෙලෝ දෙයක් දන්නේ නැති ඇමති කෙනෙක් දාගෙන මේ සිස්ටම් එක කනවා. මට ඕන හොඳ ෆයිට් එකක්. මමත් අභියෝගවලට කැමතියි.
මාව ඉවත් කරන්න නම් චෝදනාවක් ඕන. එහෙම නැතිව බෑ. මේ විහිලු කතාව මම බලාගෙන ඉන්නවා. ඒක ආපුවාම මම මගේ ප්‍රතිඋත්තරය දෙනවා.”