පාර්ලිමේන්තුව අවට වීඩියෝ දර්ශන ගත කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කරයි
ජි එක ප්‍රධාන පිවිසුම අසලට පැමින තිබූ සැකකරුවන් දෙදෙනා ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබා ගනිමින් වීඩියෝ දර්ශන කිරීමේදී පාර්ලිමේන්තු කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් බව පොලිස් නිළධාරියෙකු පැවසීය
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සින්දු වකට අවශ්‍ය දර්ශන ගැනීම සඳහා පැමිණි බවට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මහනුවර මහයියාව සහ යාපනය වෛමන් පාර පදිංචි ලෙස අවුරුදු 22 හා 31 අතර පසුවන්නන් බව පොලිසිය කියයි
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන් ලක්ෂිත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ