අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ විෂයභාර අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය. එසේම එකඟවූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට ලංවිම අසමත්වුවහොත් එම මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන බවද ඔහු පැවැසීය.
“ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාකාලාපය නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. සඳුදා වෙනකොට ඒ තත්ත්වය වෙනස් කරගත යුතුයි. අපි දීලා තියෙන නියෝගය මත විදුලි බලය ලබාදිය යුතුයි. එහෙම නොකර යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණොත් අපි විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට අපි අනිවාර්යයෙන්ම ගේනවා.
කැබිනට් විදුලි බිල සංශෝධනය අපි ප්‍රතික්ෂේප කළා. එය විදුලිබල පනතේ වගන්තිවලට එකඟ වෙන්නේ නැහැ. අපි නීතිපතිගෙන් කාරණා 11ක් ගැන කරුණු විමසලා තිබෙනවා. සඳුදා වෙනකොට අපිට ඒ නීති උපදෙස් ලැබෙයි.”