බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පෙබරවාරි මස 16දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (26දා) සිතාසි නිකුත් කළේය .
ඒ අරගලය අවස්ථාවේදී කොටුව ජනාධිපති මැදුරෙන් සොයාගත් මුදල්, මහජන ආරක්ෂක ඇමැතිවරයාට භාර දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියකට අදාළවයි.