ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ඩුබාහිදී CIDය අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු 5ක් අද අලුයම දිවයිනට

0
57

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු තවත් ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි සිට දිවයිනට රැගෙන විත් ඇත.

අද (14) අලුයම මෙම සැකකරුවන් දිවයිනට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ පසුවෙයි.