චීනයෙන් මාසයක් තුළ කොවිඩ් මරණ 60,000ක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
දැඩි කොවිඩ් සංචරණ සීමා පිළිපැදීම අත්හිටුවීමට එරට බලධාරීන් තීරණය කිරීමෙන් අනතුරුව මෙවැනි තොරතුරක් නිකුත් කර ඇත්තේ පළමුවරටය.
එසේ මියගොස් ඇති බහුතරයක් විවිධ රෝගාබාධ වලින් පෙළුනු වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයන් බව පැවසෙයි.