මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක විසින් නීති විරෝධි ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් කෝටි 03 කට අධික වටිනාකමින් යුත් දේපල ක්‍රියාවිරහිත කර තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති කොළඹ 14 සහ ජා ඇල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 514 කට අධික වටිනාකමකින් යුත් ඉඩමක්, කඩ කාමර 04 ක්, තෙමහල් නිවසක් සහ රුපියල් ලක්ෂ 59 ක වටිනාකමින් යුතු බැංකු ගිණුම් 06 ක් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මීගමුව සහ කොළඹ මහාධිකරණ මඟින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝග දීර්ඝ කර බලාත්මක කර ඇත.
සැකකාරිය සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට කරුණු අනාවරණය වන වෙන්නවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමේ පිහිටි රුපියල් ලක්ෂ 300 ක් වටිනා සුඛෝපභෝගී තෙමහල් නිවස 2026.03.20 වන දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.
නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

