මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් මෙරට අනාගතයට විශාල බලපෑමක් ඇති වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, සිරි මංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
ප්රශ්නය – වත්මන් රජය සම්බුද්ධ සාසනයට දක්වන සේවය සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද.?
පිළිතුර – මොනවා හරි සේවයක් කරනවා ද.?
ප්රශ්නය – සම්බුද්ධ සාසනයට දෙවැනිකොට සලකන තත්ත්වයක් තියෙනවා. ඔබතුමාගේ කාලයේදී කොහොමද සැලැකුවේ.?
පිළිතුර – ඉහළින්ම තියලා. දැන් එහෙම කරනවා ද කියන එකත් ප්‍රශ්නයක්.
ප්රශ්නය – ඔබතුමාගේ කාලයේ හිටිය බුද්ධි අංශ නිලධාරියෙක් අමානුෂික ලෙස සිරගත කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද.?
පිළිතුර – ඔහු කළ සේවය අගයන්න ඕනේ මිස හිර කරන්න නෙවෙයි තියෙන්නේ. හිර කරන කාලයක් නෙවෙයි මේක.
ප්රශ්නය – මේ වනවිට ජාත්‍යන්තර යුද්ධයක් පැවැත්වෙනවා. තව ටික කාලයක් මේ යුද්ධ පැවැතුණහොත් රටේ අනාගතයට මොකක් වෙයි කියලා ද හිතන්නේ.?
පිළිතුර – ගැටලුවක් ඇති වෙනවානේ. රටට, රටේ අනාගතයට ගැටලුවක් ඇති වෙනවා.
ප්රශ්නය – රටේ දැන් තත්ත්වය ගැන මොකද හිතන්නේ.?
පිළිතුර – කරන එක ගැන නම් කියන්න දෙයක් නැහැනේ. මට වඩා හොඳට ජනතාව දන්නවා.

