බොලිවියාවේ මුදල් නෝට්ටු රැගෙන ගමන්ගත් ගුවන්යානයක් අනතුරකට ලක්ව තිබේ.
එරට ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අවම වශයෙන් එහි සිටි පුද්ගලයින් 15ක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසයි.
ගුවන්යානය සැන්ටා කෲස් නගරයේ සිට එල් ඇල්ටෝ ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
ගුවන්යානය ගොඩබැස්සවීමේදී ධාවන පථයෙන් ඉවතට ලිස්සාගොස් අසල වාහනවල ගැටී ඇති බව වාර්තා වේ.
බොලිවියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ මෙම අනතුරට ලක්වූ ගුවන්යානයෙන් එරට මහ බැංකුවට මුදල් නෝට්ටු රැගෙන ගිය බවය.
ඒ හේතුවෙන් විසිරී ගිය මුදල් නෝට්ටු ලබාගැනීමට ජනතාව ඒකාරාශී වී ඇති අතර, ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ලකර ඇත.

