මාදැල් කර්මාන්තයට යාන්ත්‍රික උපකරණ භාවිත කිරීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝදය පළකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ධීවරයින් පිරිසක් විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක බව සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් දිල්රුක් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ (06) දින පස්වරුවේ ධීවර අමාත්‍යාංශ ලේකම් සහ එහි අධ්යක්ෂ ජනරාල් සමග පැවති සාකච්ඡාවේදිද සිය ගැටළුවලට නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
දිස්ත්‍රික් කිහිපයක ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහය අද ක්‍රියාත්මක වුණේ දෙවැනි දිනටයි.
මේ අතර අඛණ්ඩ සත්‍යග්‍රහයේ නිරත ධීවරයින් පිරිසක් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවකට අද පෙරවරුවේ පිටව ගියත් එම සාකච්ඡාව නොපැවැත්වුණු බවයි සමස්ත ලංකා මැදැල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
අනතුරුව එම පිරිස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී සිය ගැටළුව සම්බන්ධයෙන් දැනුවත් කළා.
අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව එහිදී කාදිනල් හිමිපාණන් විසින් ප්‍රකාශ කළ බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර රජය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා දක්වන දක්වන උදාසීන සහ දරදඬු පිළිවෙත් වලට ප්‍රතිචාර වශයෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග තීව්ර කිරීමට මැලි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
සිය ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දී තිබූ පැය 48ක කාලය කිසිදු ප්‍රතිචාරයකින් තොරව අවසන් වීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් විශේෂඥ වෛද්‍යවරුන් සිය ආවරණ රාජකාරීවලින් ඉවත් වුණේ පසුගිය සඳුදා සිටයි.
එමෙන්ම රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ ඔසුසැල්වලින් මිලදී ගැනීමට අදාළ වට්ටෝරු නිකුත් නොකිරීම ඇතුළු වෘත්තිය ක්‍රියාමාර්ග 5 තවදුරටත් ක්‍රියාත්මක අතර ඒ හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක රෝගීන් දින ගණනාවක සිට පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

