හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ හැසිරීම් ගැන පැමිණිළි කළද නිසි පියවර නොගත් බව කියමින් කොළඹ නාලන්දා විදුහල්පතිවරයාට එරෙහිව ගුරුවරියන් කිහිප දෙනකු විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබේ. එම සිසුවා විදුහලේ ගුරුවරියන් පීඩාවට පත්වන අයුරින් හැසිරුණේ යැයි ද ඒ ගැන අවස්ථා ගණනාවකදී විදුහල්පතිවරයාට මෙන්ම විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිට හා ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යවරයාට පැමිණිලි කළේ යැයිද එම ගුරුවරියන් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එහෙත් එම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ ආචාර්යවරුන් කිසිවකුත් නිසි පියවරක් නොගත්තේ යැයිද පූර්ව පැමිණිලි තිබියදී ඔවුන් එසේ හැසිරුණේ ඇයිද යන්න ගැන විමර්ශනයක් කරන ලෙස ගුරුවරියන් සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නිලධාරියකු පැවැසුවේ අදාළ පැමිණිල්ල අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යොමු කළ බවයි.
තවද මෙම සිදුවීම ගැන භික්ෂුන් වහන්සේ නමක්ද බොරැල්ල පොලිසියට පැමිණිලි කර ඇතැයි ඔහු කීය.
එම පැමිණිල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කළේ යැයිද ඔහු පැවැසීය.
ඔහු මෙසේද කීය. මීට කලින් විදුහල්පති දැනුවත් කළත් ඒ ගැන ක්‍රියාමාර්ග ගත්තේ නෑ කියලා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා ගුරුවරියන් පැමිණිල්ලක් දොලා තියෙනවා. මේ වගේ සිද්ධි කලිනුත් වුණා කියලා දාලා තියෙන්නේ. මේ සිද්ධිය ගැන විමර්ශනයක් කරන්න කියලා තමා පැමිණිල්ල දාලා තියෙන්නේ. ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පොළිසියෙන් යොමු කරලා තියෙනවා. තව හාමුදුරු නමක් පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ වගේ වීඩියෝ අන්තර්ජාලයට දාලා සල්ලි උපයලද කියලා විමර්ශනයක් කරන්න කියලා. ඒ වගේම ගුරුවරියෝ මේ වගේ දේවල් වලට මේ ළමයාව පොළඹවා ගෙනද කියලා විමර්ශනයක් කරන්න කියලා පැමිණිල්ල දාලා තියෙන්නේ. බොරැල්ල පොලිසියට පැමිණිල්ල කළේ. ඒ සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කරලා තියෙනවා!”
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
නාලන්දා විදුහල්පතිට එරෙහිව ගුරුවරියන්ගෙන් පොලිසියට පැමිණිල්ලක්
Next Article ජනපති දිල්ලියේ පැවැත්වෙන AI සමුළුවට

