දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ළමුන්ට හමුදාවෙන් තෑගී
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ මග පෙන්වීම යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් පුල්මුඩේ අර්ෆාත් මුස්ලිම් විද්‍යාලයේදී ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 200 ක පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා වියළි සලාක පාර්සල් 200 ක් සහ පාසල් බෑග් 100 ක් බෙදා දීමේ වැඩසටහනක් පසුගිය ජනවාරි 19 වන දින පවත්වන ලදී. දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සැලසීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම වැඩසටහන ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි දානපතියන් පිරිසකගේ මූල්‍යමය දායකත්වය ඇතිව සිදු කරන ලදී.

