අත්ලාන්තික් සාගරය හරහා ගමන්ගන්නා තෙල් නැවක් පසුපස අමෙරිකානු හමුදා විසින් ලුහුබඳිමින් සිටින බවත්, එම නැව ආරක්ෂා කිරීම සඳහා රුසියාවෙන් සබ්මැරීනයක් සහ යාත්‍රා කිහිපයක් යොදවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ වනවිට අදාළ නෞකාව අයිස්ලන්තය සහ බ්‍රිතාන්‍ය දූපත් අතර ගමන්කරමින් සිටින බව සඳහන්.
අමෙරිකානු සම්බාධක කඩකර මෙම නෞකාව ඉරාන තෙල් ප්‍රවාහනය කරන බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම නෞකාවෙන් මීට පෙර වෙනිසියුලානු බොරතෙල් ද ප්‍රවාහනය කර ඇති බව සඳහන්.
කෙසේ නමුත් මේ වනවිට එම නෞකාව හිස් බව වාර්තා වේ.
වෙනිසියුලාවේ අසල්වැසි රාජ්‍යයක් වන ගයනාවට අයත් බවට පැවසෙන මෙම නෞකාව ‘බෙලා 1’ ලෙස නම් කර තිබූවකි.
පසුව එය ‘මැරිනේරා’ ලෙසින් වෙනස් කර ඇති අතර, එහි රුසියානු ධජය කර ඇති බව වාර්තා වේ.
පසුගිය මාසයේ කැරිබියන් දූපත් වලදී මෙම නෞකාව වෙනිසියුලාව දෙසට ගමන් කරන බවට තොරතුරු වාර්තා වීමත් සමග අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය එම නෞකාවට ඇතුළුවීමට උත්සාහ දරා ඇත.
ඒ හේතුවෙන් නෞකාවේ ගමන් මාර්ගය මේ වනවිට වෙනස් වී තිබේ.
නෞකාව යුරෝපයට ප්‍රවේශයවීම අවහිර කිරීම සඳහා අමරිකානු ගුවන් යානා 10 ක් පමණ මෙන්ම හෙලිකොප්ටර්ද යොඳවා ඇති බව සඳහන්.
එමෙන්ම රුසියාව පවසන්නේ නෞකාව අවට තත්ත්වය “ඉතා සියුම්ව නිරීක්ෂණය කරන” බවය.

