යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව 2025.12.16 දින මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමඟ යාපනය මනල්කාඩු ප්රදේශයේ සිදුකල වැටලීමකදී ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද කේරළ ගංජා කිලෝග්රෑම් 75 ග්රෑම් 210ක ප්රමාණයක් සොයා ගන්නා ලදි.
පාර්සල් 36ක අසුරා තිබූ මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 250ක් පමණ වේ.
මෙම ජාවාරමට සමබන්ධ පුද්ගලයකුද එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඩිංගි යාත්රාවක්ද පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

