බලන්ගොඩ සමනල වැව ප්‍රදේශයේ ඉඩමක තිබූ බඳින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මියගොස් ඇති බව සමනලවැව පොලීසිය පවසයි.
නිවස ආසන්නයේ ඇති ඉඩමක තිබී මෙම තුවක්කුව පත්තු වී ඇති අතර එහිදී අදාළ පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වන පුද්ගලයෙකු බව සඳහන් වේ.
මෙම පුද්ගලයා ශ්‍රි ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයකු බව ද පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ සමනලවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

