ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළ කරමින් ඉන්දීය රජයෙන් ලබා දෙන ද්‍රව්‍යමය ආධාර තොගයක් අද (07) පස්වරුවේ කොළඹ වරායේ BQ 2 හි දී භාරගෙන තිබුණි.
මේ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී විය.

