යාන් ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශ වලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන නිසා සහ යාන් ඔය පිටවාන මගින් මේ වන විට ජලය පිට කරමින් පවතින බැවින් ද යාන් ඔය පහල ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාන් ඔය පහල ප්‍රදේශ වල වෙසෙන මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කුච්චවේලි, පදව් ශ්‍රී පුර, පදවිය, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල, හොරොව්පතාන, මොරවැව, කහටගස්දිගිලිය හා ගලෙන් බිඳුණුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල යාන්ඔය ආශ්රිත පහත් බිම් වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථ වාහන රියදුරන් සහ මගීන් මේ ගැන දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

