නුවරඑලිය ලෝෂන් වීදිය වෙළදසැලක වැසි ජලයෙන් යට වී සිටි පිරිසක් අද (27) මුදා ගැනීමට නුවරඑලිය ගිනි නිවන ඒකකයේ නිළධාරින් සහ නුවරඑලිය කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් සමත් වී ඇත.
නුවරඑලිය නගරයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වි ඇත.
මේ අතර, නුවරඑලිය රාගල ප්රධාන මාර්ගයේ හයිෆොරස්ට් ප්රදේශයේ ප්රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම නවතා ඇත.

