මහනුවර උඩුදුම්බර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විශාල ප්‍රදේශයක් නායගොස් ඇති අතර, නිවාස 07ක් පමණ නායයෑමට හසුව ඇති බව වාර්තා වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම නායයෑමෙන් අවම වශයෙන් තවත් පුද්ගලයින් 17දෙනෙකු අතුරුදහන්ව ඇති බවය.
ඔවුන් සොයා යුද හමුදාව සහ ආපදා අංශ මේ වනවිට මෙහෙයුම් දියත් කර තිබේ.

