ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති අඩු පීඩන කලාපය මේ වන විට අවපාතයක් දක්වා මඩකළපුව සිට කිලෝමීටර් 210ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්ර වීමට බොහෝ දුරට ඉඩ ඇත
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තුවේ වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු මැද,වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මිලි මිටර් 200 ට සහ උතුරු,මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල,මාතර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝ මීටර් 60-70 අතර තද සුළං ඇති වේ.

