විශාල ගල් කිහිපයක් ප්රධාන මාර්ගයට පෙරලීමේ අවදානමක් හේතුවෙන් නුවරඑලිය ගම්පොළ ප්රධාන මාර්ගය ඊයේ (26) පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසිය පවසයි.
කොත්මලේ ගැරඩි ඇල්ල ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගැරඩි ඇල්ල ප්රදේශයේ තේ වත්තේ විශාල ගල් කිහිපයක් ගැලවී පහළට පෙරලී තේ වත්තේ රැදී තිබෙන බවත්, එම ගල් ප්රධාන මාර්ගයට පෙරලීමෙ අවදානමක් පවතින නිසා මාර්ගයේ රථවාහන ගමනා ගමනය තාවකාලිකව නවතා දැමූ බව කොත්මලේ පොලිසිය කියා සිටියේය.
වසා දමා ඇති එම මාර්ගය යලි විවෘත කරන තෙක් එම මාර්ගයෙ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස කොත්මලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

