කොටහේන ප්‍රදේශයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය නොවැම්බර් මස 7 වන දින කොටහේන පොලිස් වසමේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගිනිඅවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමයි මොහුට එරෙහි චෝදනාව.
කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (19) හසලක, කොලොන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී වෙඩික්කරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී වෙඩික්කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් සොයා ගෙන ඇති අතර, මොහු වයස අවුරුදු 39ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

