ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්රදානය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නගේ සහ තැපැල්පති රුවන් සත්කුමාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ නිකුත්කරන ලද ගැසට් පත්‍රයට අනුව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමු කර ඊට අඳාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කල 36 දෙනෙකු සඳහා මෙම පත්වීම් ලිපි ලබා දීම සිදු වුණා.
මෙම නවක තැපැල් රියදුරන්ට ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලිපි ලබා දෙන අතර 19-20 යන දෙදින පැවැත්වෙන විශේෂ සේවාස්ථ පුහුණුවෙන් පසු ඔවුන් තැපැල් ප්‍රවාහන අංශයට අනුයුක්ත කිරීමට නියමිතයි.

