විෂ මත් ව්‍යසන පරදන “රටම එකට” ජාතික මෙහෙයුමේ දෙවැනි අදියර දකුණු පළාතෙන් ඇරැඹීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදී ලබන බ්‍රහස්පතින්දා (20) පස්වරු 3ට පැවැත්වේ.
විෂ මත් ව්‍යසන පරදන ” රටම එකට” ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝබර් 30 වැනිදා ඇරැඹිණි.
මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් සභාවක් මේ වන විට පිහිටුවා ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටු සහිත ව්‍යුහයක් පිහිටුවීම රජයේ අපේක්ෂාවයි.

