භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ තනතුර සඳහා සිය වෘත්තිය සමිතියේ කටයුතු කළ පුද්ගලික ලේකම්වරියක රජයේ නිලධාරීන්ට බලපෑම් කර අත්තනෝමතිකව බඳවා ගත්තේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇපමත මුදා හැරීමටට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරු සම්බන්ධයෙන් විමර්ශන බොහෝ දුරට අවසන්ව ඇති බැවින් ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළේය.
සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවටද විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.
හිටපු අමාත්‍යය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිර්දේශය මත සභාපති ධුරයට පත්ව ඇති සැකකරු වෘත්තීය සමිතියක සභාපතිවරයාව සිටියදී එම සමිතියේ ලේකම්වරිය ලෙස කටයුතු කළ තැනැත්තියකට අත්තනෝමතිකව රැකියා පත්වීමක් ලබා දී රජයට පාඩුවක් කරමින් දුෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර තිබිණි.

