නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇතැයි දමිළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවැසීය.
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට ස්තූතිවන්ත වන බව කී හෙතෙම වතු ජනතාවගේ ගැටලු විසඳීමට රජය ගන්නා සෑම ක්‍රියා මාර්ගයකටම පූර්ණ සහයෝගය දෙන බවද සදහන් කළේය.

