ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී ඊයේ (14) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබීමට සමත් වූහ.
පාකිස්තානු පිල මෙම ජයග්රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගැනීමට සමත්විය.
පාකිස්තානු පිල ලකුණු 289 ක ඉලක්කය ඕවර 48.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
බාබර් අසාම්, පාකිස්තානය වෙනුවෙන් අනගි ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 119 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය.
ශ්රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 288 (පැතුම් නිස්සංක 24, කමිල් මිෂාර 27, කුසල් මෙන්ඩිස් 20, සදීර සමරවික්රම 42, ජනිත් ලියනගේ 54, කමිඳු මෙන්ඩිස් 44, වනිදු හසරංග නොදැවී 37, අබ්රාර් අහමඩ් 41/3, හැරිස් රවුෆ් 66/3) පාකිස්තානු පිල ඕවර 48.2 කදී කඩුලු 2 ට 289 (ෆකාර් අසාම් 78, සයිම් අයුබ් 33, බාබර් අසාම් නොදැවී 102, මොහොමඩ් රිස්වාන් නොදැවී 51, දුෂ්මන්ත චමීර 58/2)

