ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වැය ශීර්ෂ වියදම් වලින් සියයට පනස් අටක් අඩුකරගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරුන් ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
මෙමගින් ජනාධිපතිවරයා කෝටි 30කට ආසන්න මුදලක් ඉතිරි කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා මහ මන්දිර කිසිවක් පාවිච්චි නොකරන බව පැවසූ අමාත්‍යවරයා ඔහු ලබා දුන් ආදර්ශය වෙනත් කිසිදු නායකයකු ලබාදී නැතැයි ද ප්‍රකාශ කළේය.

