උඩදුම්බර පොලිස් වසමේ මැදමහනුවර ගලේකැලේ ප්රදේශයේදී රොටී කඩේකදී ඇතිවූ බහින් බස් වීමකින් පසුව , පුද්ගලයෙකු විසින් එහි සිටි කාන්තාවන් සිවු දෙනෙකුට සහ පිරිමි තිදෙනෙකුට පිහි ප්රහාර එල්ල කිරීම නිසා බරපතළ තුවාළ ලද එම තුවාළකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව උඩදුම්බර පොලීසියේ නිලධාරියෙක් කීය.
ඊයේ (14) දහවල් ඇතිවූ මෙම සිද්ධියෙන් පසු , පිහි ප්රහාරය එල්ල කල 33 හැවිරිදි සැකකරු ප්රදේශවාසීන්ගේ සහාය මත උඩදුම්බර පොලීසියේ නිලධාරින් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
සහකාර පොලිස් අධිකාරී ක්රීෂාන්ත ලොකුගේ මහතාගේ අධීක්ෂණ මත ,උඩදුම්බර පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජේ. ඒකනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

