රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම වෙනුවට ඒ ව්‍යාපාර නිසි ලෙස කළමනාකරණය කර ලාබ ලබන තත්ත්වයට පත් කරන බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“මුලින්ම කියමන් දෙකක් උපුටා දක්වන්න කැමතියි.වස්කා නම් බලලා ඇහුම්කන් දෙයි.එහෙත් දිගටම කාගෙන යයි කියා එක කියමනක් තියෙනවා.බොරුවට නිදාගෙන ඉන්න අය නැගිට්ටුවන එක අමාරුයි.ඒකට උත්සාහ කරන්න එපා කියා තවත් කියමනක් තියෙනවා.ආණ්ඩුව බදු ගහලා භාණ්ඩාගාරේ උතුරන්න ආදායම එකතු කරගෙන තියෙනවා,හැබැයි ඒක ජනතාවට බෙදලා දෙන්නේ නැහැ කියලා විපක්ෂයේ චෝදනාවක් තියෙනවා. මන්ත්‍රීවරුන්ට වාහන ගන්නවා යැයි තවත් චෝදනාවක් තියෙනවා.වෘත්තිකයන්ගේ වාහන පර්මිට් නවත්තලා ජවිපෙ කාඩර්වරුන්ට වාහන අරන් දෙන්න යනවා යැයි පාර්ලිමේන්තුවෙන් එළියට විසිවෙච්ච කෙනෙක් පවසා තිබුණා.2027 දේපොළ බද්දක් එන්න නියමිතයැයි තව චෝදනාවක් නගා තිබුණා.ඒ චෝදනා බලන විට පෙනෙන්නේ විපක්ෂයට අයවැයේ අරමුණු දිශානතිය ගැන කතා කරන්න දෙයක් නෑ යනුවෙන් ද අමාත්‍යවරයා කීය.

