මහනුවර ජාතික රෝහලේ හෙදියක තම තෙවැනි දරුවා ප්‍රසූත කිරීමට යාමේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
එසේ මියගොස් ඇත්තේ ඉසුරු නදීෂානි දිසානායක නැමැති 37 හෙදියකි.
ඇය මියගිය ද ඇයගේ කුඩා දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මව අනුරාධපුර රෝහලේ වසර ගණනාවක් සේවය කර ඇති පසුව ඇය මීට තෙමසකට පමණ පෙර මහනුවර ජාතික රෝහලේ ළමා රෝග පිළිබඳ සායනයේ රාජකාරී සඳහා එක්ව තිබේ.
ඇයගේ තෙවැනි දරුවා පිළිසිඳ ගැනීමෙන් අනතුරුව ඇය කිසියම් අවදානම් තත්ත්වයක සිටින බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබී ඇති අතර සිදුකළ ස්කෑන් පරික්ෂාවේදී ඇයගේ වැදෑමහ පිහිටීමේ යම් අසාමාන්‍ය තත්ත්වයක් හේතුවෙන් ඇය කඩිනමින් සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් තුෂාර ඥානරත්න මහතා මහතාගේ අධීක්ෂණය යටතේ පියවර ගෙන තිබුණි.

